කන්ටේනරයක් දුම්රියේ ගැටෙයි, ප්‍රධාන මාර්ගයේ ධාවනයට බාධා

අගෝ 09, 2023
  • අද උදෑසන මීරිගම සහ විල්වත්ත අතර ප්‍රදේශයෙ දුම්රිය හරස්මාර්ගයක දී ටිපර් රථයක් දුම්රියක ගැටීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

    එලෙස ටිපර් රථය ගැටී ඇත්තේ,පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක්.

    මේ වන විට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු එම ස්ථානයෙන් සම්පූර්ණයෙන් ඇනහිට ඇති අතර පවතින අවහිරතා ඉවත් කර කඩිනමින් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කරන බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Last modified on බදාදා, 09 අගෝස්තු 2023 10:00

    Latest News