උඩරට දුම්රිය මගට කුණු කන්දක් කඩා වැටෙයි

ඔක් 24, 2022

    උඩරට දුම්රය මාර්ගයට කැලිකසළ සහිත පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමනය පැය තුනක කාලයක් ඇන හිට ඇත.

    උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයට යාබදව දුම්රය මාර්ගයට අද (24) දින අලුයම 05 ට පමණ කැලකසළ සහිත විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පැය තුනක කාලයක් ඇන හිට තිබු බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසිය.

    හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර , හැටන් වටරවුම් මාර්ගය අසළ දී සිදු වූ එම අනතුර නිසා නානුඔය සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එන්ජිම පස් කන්දේ ගැටිම නිසා දුම්රිය එන්ජිමේ වැගුම් නලයකටද අලාභ හානි සිදු වි තිබු බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසිය.

    හැටන් වටරවුම් මාර්ගයේ පදිංචි කරුවන් විසින් දුම්රිය මාර්ගයට ඉහලින් කැලි කසළ බැහැර කිරිම නිසා හැටන් නගරයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග එම කැලි කසළ සහිත පස් කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටි ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    දුම්රිය මාර්ගයට කඩා වැටුනු කැලි කසළ සහිත පස් කන්ද දුම්රිය මාර්ග නඩත්තු සේවකයින් විසින් ඉවත් කිරිමෙන් පසු (24) දින උදැසන 08.30 පමණ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට පත් විය.

    Latest News