වෙඩි වැදී සිටි ගැබිනි ඇතින්න මියයයි

අගෝ 09, 2023

    කැකිරාව, පලුගස්වැව ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ගැබිනි ඇතින්නක් මියගොස් තිබෙනවා.

    පණ්ඩුලගම පශුවෛද්‍ය ඒකකය මගින් ප්‍රතිකාර කර තිබුණ ද ඊයේ රාත්‍රී ඇතින්න මිය ගියා.

    වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට පැටවා බිහි කිරීමට ආසන්නව සිටි බවයි, වාර්තා වන්නේ.

    අනවසර ගිනි අවි භාවිතයෙක් මෙලෙස සතුන් දඩයම් කිරීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි, පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

    Last modified on බදාදා, 09 අගෝස්තු 2023 09:56

    Latest News