කුකුල් මස් මිල පහළට

අගෝ 01, 2023

    දේශීය කුකුල් මස් කිලෝවක මිල රුපියල් 100 කින් අඩු කිරීමට දේශීය කුකුල් මස් නිෂ්පාදකයින් එකඟතාවය පළ කර තිබෙනවා.

    ඒ, අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

    කුකුල් මස්වල මිල සාමාන්යය ජනතාවට දැරිය නොහැකි ඉහළ මට්ටමක පැවතීම නිසා කුකුල් මස් ආනයනය කිරීමට රජය ඊයේ තීරණය කළා.

    කුකුල් මස් නිෂ්පාදකයින් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා සමග අද පැවති සාකච්ඡාවේ දී දේශීය කුකුල් මස් නිෂ්පාදකයින් කියා සිටියේ, කුකුල් මස් ආනයනය කළ හොත්, දැනට ස්වයං පෝෂිත මට්ටමේ තිබෙන දේශීය කුකුල් මස් නිෂ්පාදන කර්මාන්තය, කඩා වැටීය හැකි බවයි.‍

    වෙළෙඳපොළේ කුකුල් මස් මිල ඉහළ යාමට, ආනයනය බඩ ඉරිඟු කිලෝ එකක් සඳහා පනවා ඇති රුපියල් 75 ක ආනනික බද්ධ හේතු වී තිබෙනවා. එම බද්ද රුපියල් 25 දක්වා අඩු කර දෙන ලෙස, ඔවුන් මෙහිදී ඉල්ලා සිටියා.

    ආනයනික බද්ධ රුපියල් 25 දක්වා අඩු කිරීමේ යෝජනාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා මෙහිදී එකඟත්වය පළ කර තිබෙනවා.

    මාසිකව මාලදිවයිනට හා මැදපෙරදිගට දේශීය කුකුල් මස් අපනයනය සිදු කෙරෙනවා.

    Latest News