කුකුල් මස් මිල අඩු වෙයිද?

සැප් 15, 2023

    ලබන වසරේ සිට බිත්තර සහ කුකුල් මස් මිල පහළ යා හැකි අතර, යළි මිල ඉහළයාමක් සිදු නොවනු ඇතැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    ලබන වසරේ සිට බිත්තර ආනයනයේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බවයි, “ස්ථාවර රටකට සැවොම එක මගකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

    මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ 70ක් පමණ වනවා.
    එය පසුගිය කාලයේදී සියයට 50කින් පහත වැටුණා. මේවන විට කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදනය ප්‍රමාණාත්මක ලෙස ඉහළ යමින් පවතිනවා. සියලු ගොවිපොළවල කුකුල් පැටවුන් ප්‍රමාණය තිස්හතරලක්ෂ විසිදහස ඉක්මවා තිබෙනවා. දෙසැම්බර් මාසයෙන් පසු මෙරට බිත්තර නිෂ්පාදනය තවදුරටත් ඉහළ යනු ඇති බවයි, කර්මාන්තකරුවන් පවසන්නේ. කුකුල් මස් නිෂ්පාදනය ද සියයට 30කින් පහත වැටී තිබෙනවා. මේවන විට බ්‍රොයිලර් කුකුල් පැටව් විශාල වශයෙන් ගොවිපොළවල්වලට එකතුවීම නිසා වසර අවසානය වන විට කුකුල් මස් නිෂ්පාදනය ද සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයි, අපේක්ෂා කෙරෙනවා.

    Latest News