වෙනස් වන කුකුළු මස් මිල

සැප් 02, 2023

    අද දින (02) සිට හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 1250ක මුදලකට සියලුම සුපිරි වෙළෙදසැල් හරහා අලෙවි කිරීමට කුකුළුමස්  නිෂ්පාදකයින්ගේ සංගමය එකඟත්වය පළ කර තිබෙනවා.

    ඊයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම  අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. කුකුළු මස් නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් මෙන්ම මහා  පරිමාණ වශයෙන් බිත්තර නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් මීට සහභාගී තිබේ.

    බිත්තර මිල පාලනය සඳහා තවත් බිත්තර මිලියන 91ක් ඉන්දියාවෙන් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. කුකුළු මස් මිල අඩු නොකළහොත් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා කුකුළු මස් ද ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    Latest News