ලබන වසරේ සිට බිත්තර සහ කුකුල් මස් මිල පහළ යා හැකි අතර, යළි මිල ඉහළයාමක් සිදු නොවනු ඇතැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද දින (02) සිට හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 1250ක මුදලකට සියලුම සුපිරි වෙළෙදසැල් හරහා අලෙවි කිරීමට කුකුළුමස්  නිෂ්පාදකයින්ගේ සංගමය එකඟත්වය පළ කර තිබෙනවා.

ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200 ක මිලකට අලෙවි කළ හැකි බව සත්ත්ව ෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. 

දේශීය කුකුල් මස් කිලෝවක මිල රුපියල් 100 කින් අඩු කිරීමට දේශීය කුකුල් මස් නිෂ්පාදකයින් එකඟතාවය පළ කර තිබෙනවා.

‍කුකුළු මස් මිල ඉහළ යාම පාලනයට සහ බිත්තර හිඟය අවම කිරීමට යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කුකුළු මස් මිලෙහි යම් අඩුවීමක් පෙන්නුම් කරන බව, වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

Latest News