වල්ලපට්ටා තෙල් සිඳීමේ මධ්‍යස්ථානයක් වටලයි

ජූලි 14, 2023

    මුලටියන ගොම්බද්දල දකුණ මුත්තෙට්ටුවෙවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වල්ලපට්ටා ශාඛ කොටස් උපයෝගී කර ගනිමින් තෙල් සිඳීමේ මධ්‍යස්ථානයක් ඊයේ වටලා තිබෙනවා.

    ඒ, කඹුරුපිටිය අඩවි වන නිලධාරීන් විසින්.

    කලක සිට එය රහසිගතව පවත්වාගෙන ගොස් ඇත්තේ නිවසක් තුළයි. වල්ලපට්ටා ශාඛ ‍කොටස් කිලෝ දහසකට අධික තොගයක්, සිඳින ලද තෙල්, බොයිලේරු ඇතුළු උපකරණ සමග සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනුණා. කඹුරුපිටිය අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.

    Latest News