රු.ලක්ෂ 4ක වල්ලාපට්ට හංවැල්ලෙන් අල්ලයි

සැප් 14, 2020

    වල්ලාපට්ට තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් හංවැල්ල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනිණ.

    ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 4කට අධිකයි. පොලීසියට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදී දුම්කොළහේන ප්‍රදේශයේ දී මෙම වල්ලාපට්ට තොගය සොයා ගැනිණ. ජාවාරමට යොදා ගත් ජංගම දුරකතන තුනක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    ලබුගම ජලාශය ආශ්‍රිතව පිහිටි දුම්කොළහේන රක්ෂිතය තුළින් මෙම වල්ලාපට්ට තොගය කපා ගෙන ඇති බව පරීක්ෂණවල දී අනාවරණය විය. සැකකරුවන් තිදෙනා තුම්මෝදර හා වරකාපොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News