හොලිවුඩයේ දැවැන්ත වැඩවර්ජනයක්

ජූලි 14, 2023

    වසර 40කට පසු, හොලිවුඩය වසා දැමීමේ ආරම්භය සනිටුහන් කරමින් දැවැන්ත වැඩ වර්ජනයක නිරත වන බව හොලිවූඩ් තිර නළු සංසදය නිවේදනය කරනවා.

    හොලිවූඩ් තිර නළු සංසදය ඇතුළු වෘත්තීය සමිතීන්වලට අවශ්‍ය වන්නේ නිෂ්පාදනවලින් ලැබෙන මුදල් සාධාරණ ලාභ ලෙස බෙදීයාමකට සහ වඩා හොඳ සේවා කොන්දේසිවලට එකඟ වීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වෘත්තීය සමිති අවධාරණය කරන්නේ නළු නිළියන් වෙනුවට කෘතිම බුද්ධිය සහ පරිගණක මුහුණු සහ කටහඬ භාවිතා නොකරන බවට සහතිකයක් ලබා දෙන ලෙසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නළු නිලියන් රැසකින් සමන්විත රූපවාහිනී සහ ගුවන් විදුලි කලාකරුවන්ගේ ඇමරිකානු සම්මේලනයට ප්‍රධාන චිත්‍රාගාර සමඟ එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවයි. වැඩ වර්ජන හේතුවෙන් එක්සත් ජනපද චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනවල විශාල අඩුවීමක් දැකිය හැකි බවද විදෙස් වාර්තාවල සඳහන් වනවා.

    Latest News