රටින් පිටකරන්න හැදූ වල්ලාපට්ට රේගු දැලේ

ඔක් 02, 2019

    වල්ලාපට්ටා කිලෝ 22යි ග්‍රෑම් 95ක් සමග ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

    ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි 22 හැවිරිදි ගුවන් මගියෙකු සතුව තිබූ මේවා සොයා ගැනිණ. මීට අමතරව මොහු ළග තිබී වල්ලපට්ටා තෙල් ග්‍රෑම් 300ක් ද සොයා ගත් බවයි රේගුව පවසන්නේ. ඒවායේ මුළු වටිනාකම රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක්. වල්ලපට්ටා තොගය රාජසන්තක කළ අතර රේගුව මගින් සැකකරුට රුපියල් 50,000ක දඩයක් නියම කෙරිණ.

     

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 11:49

    Latest News