මුලටියන ගොම්බද්දල දකුණ මුත්තෙට්ටුවෙවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වල්ලපට්ටා ශාඛ කොටස් උපයෝගී කර ගනිමින් තෙල් සිඳීමේ මධ්‍යස්ථානයක් ඊයේ වටලා තිබෙනවා.

වල්ලාපට්ට තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් හංවැල්ල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගැනිණ.

නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, පතනහේන ප්‍රදේශයේ ගෙවත්තේ තිබු විශාල වල්ලපට්ටා ගසක් කපා කොටස් කර අලෙවි කිරීමේ දී සැකකරු හා වල්ලපට්ටා තොගය අත්අඩංගුවට ගෙන තිබේ. තවත් කිලෝ 15 ½ ක් අලෙවි කිරිමට සුදානම් කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.

වල්ලාපට්ටා කිලෝ 22යි ග්‍රෑම් 95ක් සමග ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර, හක්මන, කිරින්ද ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය වල්ලාපට්ට එකතු කරන මධ්‍යස්ථානයක් පොලීසිය මගින් සොයා ගැනිණ. සැකකරුවෙක් සමග එහි තිබී කෝටි තුනකට අධික වල්ලා පට්ටා කිලෝ 500ක් හා පමණ සොයා ගැනිණ.

ලක්ෂ 12කට අධික වටිනාකමින් යුත් වල්ලාපට්ටා කිලෝ 27ක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News