වැටුප් රහිත නිවාඩු ලබාගත් රාජ්‍ය නිලධාරීන්ට නව චක්‍රලේඛයක්

ජූලි 14, 2023

    වැටුප් රහිතව දේශීය සහ විදේශීය නිවාඩු ලබාගත් රාජ්‍ය නිලධාරීන් යළි සේවයට වාර්තා කිරීමේදී ඔවුන් නිවාඩු ලබා ගැනීමට පෙර සිටි ජ්‍යෙෂ්ඨතාව සැලකීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.රංජිත් ‍අශෝක මහතාගේ අත්සනිනුයි නිකුත් කර ඇත්තේ.

    අදාළ තීරණය ඉකුත් 11 වැනිදා සිට ක්‍රියාත්මකයි. ඊට පෙර වැටුප් රහිත නිවාඩු ලබාගත් රාජ්‍ය නිලධාරීන්ට එය අදාළ නොවේ. මෙමගින් විශ්‍රාම වැටුපට හානියක් නොවන බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මෙය පළාත් රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ආණ්ඩුකාරවරුන්ගේ උපදෙස් සහ අනුමැතිය මත පළාත් ප්‍රධාන ලේකම්වරුන් හඳුන්වා දෙනු ඇති. රජයේ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යවසායන්හි නිලධාරීන්ටද මෙම චක්‍රලේඛය අදාළ කර ගැනීමට උපදෙස් මුදල් අමාත්‍යාංශය නිකුත් කිරීමට නියමිතයි.

    Latest News