කොළොන්නාවේ මහ රෑ පත්වූ වෙඩිල්ල

ජූනි 19, 2023

    කොළොන්නාව - ගොතටුව ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රී 8.40ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසන්නේ.

    වෙඩි වැදුණු පුද්ගලයා 41 හැවිරිදි ගිහාන් මධුශංක නොහොත් "රාජා" ලෙස හඳුන්වන පුද්ගලයෙකු බවට පොලීසිය හඳුනාගෙන තිබෙනවා.

    වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු තලංගම රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලට මාරුකෙරුණා.

    වැල්ලම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

    Latest News