කෝටි නවයක කුඩු නාවික හමුදාවට කොටු

අප්‍රේ 06, 2023

    තලෙයිමන්නාරම මුහුදේ ඩව් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 92 ට අධික වටිනා හසීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයන් තිදෙනකු සමග අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

    සැකකරුවන් සමග විශාල උර තුනක බහා තිබූ පාර්සල් 95ක අසුරන ලද හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 92 ක් හා ප්‍රවාහනයට යොදාගත් ඩව් යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.

    උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත මැරින් බලඝණ නාවිකයන් තලෙයිමන්නාරම වැලි පර ආශ්‍රිත මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා යාත්‍රාකරමින් තිබූ මෙම යාත්‍රාව නිරීක්ෂණය කර අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් සමග හසීස් මත්ද්‍රව්‍ය තොගය සහ ඩව් යාත්‍රාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෙයි මන්නාරම පොලිසිය වෙත භාරදී ඇත. 

     

    Latest News