තැපෑලෙන් පැමිණි මත් පෙති තොගයක්

ජූනි 08, 2022
    ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකපිට පාර්සල් 9ක් පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලද පාර්සල්වල තිබී රුපියල් මිලියන 20ක මත්පෙති අත්අඩංගුවට ගෙන තිබේ. 
    මෙම පාර්සල් ජර්මනිය හා නෙදර්ලන්තෙ  සිට  කොළඹ, මහියංගණය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබී ඇති අතර සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගෙන තිබේ. 
     
    විවෘත කරන ලද පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත්පෙති 1,985ක් සොයා ගෙන ඇත.
     
    මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද  මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 20කට ආසන්න බව තහවුරු කරන තිබෙයි.
     
    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු  ශ්‍රී ලංකා පොලිසිය  මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතව තිබේ. 
    Last modified on බදාදා, 08 ජූනි 2022 17:10

    Latest News