එහිදී, එම උරය (01) තුල පර්සල් හතරක (04) ක ආකාරයට අසුරා අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) බහා තිබුණි.
නාවික හමුදාව විසින් වෙරළ කලාපයේ සිදුකරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් රට තුලට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 67.5 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.