ධනුෂ්කට තවත් සහනයක්

අප්‍රේ 06, 2023

    කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබූ නියෝගය ඉවත් කර තිබෙනවා.

    ඒ සිඩ්නි හි ඩව්නිං සෙන්ටර් අධිකරණයේ දී එම නඩුව අද (07) යළි කැඳ වූ අවස්ථාවේ දී.

    ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බර් 6 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේ දි සිඩ්නි පොලීසියේ අත්අඩංගුවට පත්වුණා.

    දින 11ක් පාර්ක්ලී හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබීමෙන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 2ක මුදල් ඇපයක් මත පසුගිය නොවැම්බර් 17 වැනිදා ධනුෂ්ක ගුණතිලක මුදාහැරියා.

    ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළි අප්‍රේල් 27 වැනිදා කැඳවීමට නියමිතව තිබෙනවා.

    Latest News