එළවළු තොග මිල පහතට

මාර් 25, 2023

    බණ්ඩාරවෙල - එළවළු තොග වෙළඳ මධ්‍යස්ථානයේ අද දින එළවළු මිල විශාල ලෙස අඩු වී ඇති බව, වෙළෙඳුන් පවසනවා.

    ඔවුන් පෙන්වා දෙන්නේ, එළවළු නිෂ්පාදනය වැඩි වීම සහ එළවළු පරිභෝජනයේ යම් අඩුවක් සිදුව තිබීම මීට හේතු වී ඇති බවයි‍.  බණ්ඩාරවෙල - ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් මේ දිනවල වැඩි එළවළු ප්‍රමාණයක් රැගෙන ‍එනු ලැබුවද, ප්‍රවාහන වියදම් අධික වීම නිසා තොග වෙළෙඳුන්ගේ පැමිණීම අඩු වී තිබෙනවා.

    එළවළු මිල අඩු වීමට එය එක් හේතුවක්. බෝංචි කිලෝවක් රුපියල් 100 කට, ගෝවා රුපියල් 20 කට සහ තක්කාලි කිලෝවක් 120 ක මිලකට අද දින මෙහිදී ලබා ගත හැකියි. වම්බටු කිලෝවක් රුපියල් 150 ත්, ලංකා අල රුපියල් 200 ත්, ලීක්ස් 140 ත් කැරට් රුපියල් 70 ත් පමණ මිලක පවතිනවා. පහළ බැස ඇති මෙම එළවළු මිල අවුරුදු සමයේ දී වැඩි විය හැකි බවයි, වෙළෙඳුන් පවසන්නේ.

    Latest News