දඹුල්ලේ එළවළු මිල පහතට...

අප්‍රේ 01, 2023

    දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහත වැටී අලෙවි නොවන තත්වයකට පත් වීමෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් විශාල වශයෙන් අඩු වීම ඊට හේතුවයි.

    යාපනය ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම ගොවීන්, එළවළු සහ පලතුරු තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා. වෙනත් වසරවල අප්‍රේල් මාසය ආරම්භයේදී, විශාල වශයෙන් එළවළු මිලදී ගැනීම සිදු වන අතර, එළවළු මිල ද යම් මට්මටක ඉහළ අගයක් ගන්නා බව, වෙළෙඳුන් පවසනවා. කෙ‍සේ වෙතත් අද දින එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙඳුන් පැමිණ සිටියේ, සීමිත ප්‍රමාණයක්.

    උත්සව සමයට අවශ්‍ය තරම් එළවළු තොග ලැබෙමින් පවතින බැවින්, ඒවා මිලදී ගැනීමට පැමිණෙන ලෙසයි, දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News