එළවළු මිල පහළට..අළුත් එළවලු වෙළෙඳපොළට

ජන 21, 2020

    පසුගිය මාස කිහිපයේ සිටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල අද (20) සිට පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.

    යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් එළවළු තොග ලැබීම නිසා එමෙන්ම පහත රට ප්‍රදේශවල ද එළවළු අස්වැන්න මේ දිනවල නෙළීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්ය ස්ථානයට එළවළු තොග ලැබෙමින් පවතී.

    එළවලු වර්ග බොහොමයක් ඉකුත් සතියේ දී කිලෝවක් රුපියල් 150 - 300ත් අතර මිලයකට අලෙවි වූ අතර අද පෙරවරුව වන විට එම එළවලු කිලෝවක තොග මිල රුපියල් 60 සිට 80 දක්වා පහත වැටී තිබේ.

    ගෝවා,බෝංචි,කැරට්,ලීක්ස් හැර අනෙකුත් එළවළු බොහොමයක මිල මේ ආකාරයෙන් පහත වැටී තිබේ.

    රාබු,නෝකෝල්,වැටකොළු,කරවිල, පතෝල, වම්බටු,දඹල,මෑකරල් ආදී සියලුම එළවළු වර්ග කිලෝවක තොග මිල රුපියල් 40 සිට රුපියල් 80 දක්වා මිලකට පැවැති අතර මෙම එළවළු වර්ග සියල්ලම කිලෝව රුපියල් 150 සිට රුපියල් 300 දක්වා මිල ගණන් යටතේ අලෙවි වූ බව වෙළෙන්දන් ප්‍රකාශ කරයි.

    පසුගිය සති කිහිපයේ රුපියල් 400 ත් 600ත් අතර අලෙවි වූ අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 180 ත් 200 දක්වාද, රුපියල් 250කට අලෙවි වූ වම්බටු කිලෝව මේ වන විට රුපියල් 45ත් 60 දක්වාද, රුපියල් 180 කට අලෙවි වූ දඹළ කිලෝ රුපියල් 35 දක්වාද, රුපියල් 180 කට අලෙවි වූ පතෝල කිලෝව රුපියල් 60 දක්වා පහත වැටී තිබේ.

    yapanaya elawalu 06

    yapanaya elawalu 05

    yapanaya elawalu 04

    yapanaya elawalu 03

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 12:16

    Latest News