සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා නොහරින බවට ප්‍රකාශයක්

මාර් 25, 2023

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිදු සූදානමක් නැතැයි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර් ය මණ්ඩල ප්‍රධානි, සාගල රත්නායක මහතා පවසනවා.

    එම දෙපාර් තමේන්තුවේ සාමාජිකයන්ට වසර 60ක සේවා කාලයක නිරත වීම සඳහා වසර 55 න් ඉදිරියට සේවා දිගුවක් ඉල්ලා සිටිය හැකියි. එම කටයුතු කිසිවක් වෙනස් වී නොමැති අතර, ඉදිරියටත් වෙනස් කිරීමට සූදානමක් නොමැති බව අවධාරණය කරනවා. ඔහු මේ අදහස් පළ කළේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉටු කරන ලද සේවය අගය කරමින්, ඊයේ පැවති අගැයීම් උළෙලට සහභාගි වෙමිනුයි.

    සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තු මූලස්ථානයේයි එය පැවැත්වුණේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රංජිත් ළමාහේවා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News