කේරල ගංජා සමග පානදුර "සුපුන්" පොලිස් දැලේ

මාර් 25, 2023

    කුලි රථ සමාගමක ආහාර පාන බෙදා හරින මුවාවෙන් කේරළ ගංජා බෙදා හැරිමේ නිරතව සිටි පුද්ගලයෙකු, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලීසිය පවසන්නේ, ඔහු මෑතක දී අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සලිඳු නැමැත්තාගේ සහයකයෙකු බවයි.

    ආහාර පාන ප්‍රවාහනය කෙරෙන බෑගයේ තිබී කේරළ ගංජා කිලෝ 10 කට අධික ප්‍රමාණයක් සමග යතුරුපැදිය පොලීසිය බාරයට ගැනුණා. පානදුර "සුපුන්" ලෙස හැදින්වෙන 31 හැවිරිදි සැකකරු, එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පානදුර - සොලමන් මාවත ප්‍රදේශයේ දී වැටලීම සිදු කර ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයට ලැබුණු තොරතුරක් අනුවයි.

    සලිඳු මල්ෂික නැමති සංවිධානාත්මක අපරාධකරුගේ වෙඩික්කරුවෙකු ලෙස හඳුනා ගෙන ඇති බෙලිඅත්තේ "රණා" නැමැත්තා, මෙම පුද්ගලයා සමග සමීප සබඳතා පවත්වා ඇති බවයි, හෙළි වී ඇත්තේ. "රණා" නැමැත්තා මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව, පොලීස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

    ඉකුත් වසර 3 තුළදී හෙරොයින් කිලෝ 217 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 47 ක් හා කේරළ ගංජා කිලෝ 4,700 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් ව තිබෙනවා.

    Latest News