එළවලු මිල අහස උසට

දෙසැ 16, 2019

    දඹුල්ල ආර්ථික මධ්ය ස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණ අඩුවීම හේතුවෙන් සියලුම එළවළු වර්ග වල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

    කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට්,ලීක්ස්,බීට්,ගෝවා,මාළුමිරිස් ආදී එළවලු කිලෝවක තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර ඉහළ මිලක පවතියි.එමෙන්ම පහතරට එළවළු වන වම්බටු ,මෑකරල්, පතෝල, කරවිල ,කැකිරි ,පිපිඤ්ඤා, දඹල ආදී එළවළු කිලෝවක තොග මිල ද රුපියල් 180 සිට රුපියල් 250ක් යටතේ අලෙවි වන බව වෙළෙන්දන් පවසයි.

    දේශීය රතුලූනු කිලෝවක තොග මිල රුපියල් 450 - 550 ත් අතර වෙයි.රතුලූනු වෙළෙන්දන් කියා සිටියේ යාපනයේ ප්‍රදේශයේ පමණක් ඉතා සීමිත රතුලූනු තිබීම නිසා විදේශ රටවලින් රතු ලුණු නොමැති වීම මිල ඉහළ යෑමට හේතු වී ඇති බවයි.විදේශීය ලොකු ළූණු කිලෝවක් රුපියල් 110 සිට 120 දක්වා වූ තොග මිලකට අලෙවි වන බව වෙළෙන්දන් පවසයි.මේ දිනවල රට පුරා ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් එළවළු බොහෝමයක් විනාශ වීම මිල ඉහළ යාමට හේතුවී තිබේ.

    ඉදිරියේදී උත්සව සමය හේතුවෙන් එළවළු අලෙවි කරගැනීමට විශාල ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බව එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් පවසයි.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සාමාන්‍යයෙන් එළවළු ලොරි 600 ත් 700 අතර ලැබෙන බවත් එහෙත් මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය 70% කින් පමණ අඩු වී තිබෙන බවත්, පවතින ඉල්ලුමට සැපයුමක් නොමැතිවීම නිසා එළවළු මිල ඉහළ ගොස් ඇති බවත් ව්‍යාපාරිකයන් පෙන්වා දෙයි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 2019.12.16 දින එළවලු තොග මිල මෙසේ සටහන්ව තිබිණි.

    කැරට් - රු 250 සිට 300 දක්වා, ලීක්ස් - රු 350 සිට 370 දක්වා,බීට් - රු 230.සිට 270 දක්වා
    ගෝවා - රු 100 සිට 140 දක්වා,මාළුමිරිස් - රු 250 සිට 300 දක්වා,බෝංචි - රු 250 සිට 300 දක්වා,අමු මිරිස් - රු 300 සිට 350 දක්වා,වම්බටු - රු 200 සිට 250 දක්වා,මෑකරල් - රු 200 සිට 250 දක්වා,පතෝල - රු 150 සිට 200 දක්වා,කරවිල - රු 250 සිට 300 දක්වා,කැකිරි - රු 80 සිට 110 දක්වා,පිපිඤ්ඤා - රු 150 සිට 180 දක්වා,දඹල - රු 180 සිට 230 දක්වා,රතු ලුණු - රු 450 සිට 550 දක්වා

    mila 02

    mila 03 1

    mila 04

    mila 05pg

    mila 07pg

    mila 01

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2019 11:15

    Latest News