දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහත වැටී අලෙවි නොවන තත්වයකට පත් වීමෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් විශාල වශයෙන් අඩු වීම ඊට හේතුවයි.

යාපනය ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම ගොවීන්, එළවළු සහ පලතුරු තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා. වෙනත් වසරවල අප්‍රේල් මාසය ආරම්භයේදී, විශාල වශයෙන් එළවළු මිලදී ගැනීම සිදු වන අතර, එළවළු මිල ද යම් මට්මටක ඉහළ අගයක් ගන්නා බව, වෙළෙඳුන් පවසනවා. කෙ‍සේ වෙතත් අද දින එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙඳුන් පැමිණ සිටියේ, සීමිත ප්‍රමාණයක්.

උත්සව සමයට අවශ්‍ය තරම් එළවළු තොග ලැබෙමින් පවතින බැවින්, ඒවා මිලදී ගැනීමට පැමිණෙන ලෙසයි, දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

බණ්ඩාරවෙල - එළවළු තොග වෙළඳ මධ්‍යස්ථානයේ අද දින එළවළු මිල විශාල ලෙස අඩු වී ඇති බව, වෙළෙඳුන් පවසනවා.

කැප්පෙටිපොල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල සැලකිය යුතු මට්ටමින් පහත වැටී ඇති බව, එහි වෙළෙඳ සංගමය පවසනවා.

පසුගිය මාස කිහිපයේ සිටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල අද (20) සිට පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්ය ස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණ අඩුවීම හේතුවෙන් සියලුම එළවළු වර්ග වල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

දිලීර රෝගයක් හේතුවෙන් වැලිඔය ප්‍රදේශයේ එළවළු වගාවට දැඩි ලෙස හානි සිදුවී ඇති බව අප වාර්තාකරු පවසයි.

එළවළු මිල  ගණන් ඉහළ යාම දෙසැම්බර් මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

Latest News