අලුගෝසු තනතුරට සම්මුඛ පරික්ෂණ

මාර් 19, 2019

    අලුගෝසු (වධක )තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දී එම සම්මුඛ පරික්ෂණ පැවැත්විමට නියමිතයි.

    ඇමෙරිකානු ජාතිකයෙක කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 102 ක් අලුගෝසු තනතුරු සඳහා අයැදුම්කර තිබු අතර ඒවා සළකා බැලීමෙන් අනතුරුව සම්මුඛ පරික්ෂණ සඳහා අයදුම්පත් 79ක් තෝරාගෙන තිබෙයි.

    මෙම තනතුර සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවා තිබූ බැවින් ඇමරිකානු ජාතිකයාගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති අතර පිරිමි අය පමණක් මේ සඳහා බඳවා ගන්නා බැවින් කාන්තාවන් දෙදෙනාගේ අයදුම්පත් ද ප්‍රතික්ෂේප විය.

    එම අයදුම්කරුවන් 79 දෙනා අතරින් වධක තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීමට නියමිතය. වධක තනතුර සඳහා තෝරා ගැනෙන සුදුස්සන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ සේවයට යෙදවීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 07:23

    Latest News