අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩුවට

සැප් 12, 2022

    අනුරාධපුර නගරයේ පිහිටි බන්ධනාගාරය ඔයාමඩුව ප්‍රදේශය වෙත ගෙන යාමට රජය, තීරණය කර තිබෙනවා.

    ඒ අනුව, හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එම භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

    අනුරාධපුර නගරයේ ස්ථාපනය කෙරුණු බන්ධනාගාරය, අක්කර 32 ක වපසරියක විහිදී තිබෙනවා. වර්ෂාව වැඩි කාලවලදී එම බන්ධනාගාරය, ජලයෙන් යට වන බැවින් හැකි ඉක්මණින් මෙම බන්ධනාගාරය ඔයාමඩුව ප්‍රදේශයට ගෙන යාමට කටයුතු කරන බවයි, අමාත්‍යාංශ නිලධාරීන් පවසන්නේ. නව බන්ධනාගාරය, ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 125 ක භූමි ප්‍රමාණයක ඉදිකිරීමට නියමිතයි.

    Latest News