පන්සල සහ ගම දියුණු කිරීමට වත්මන් රජයෙන් පුළුල් වැඩපිළිවෙළක් (වීඩියෝ)

මාර් 18, 2019

    ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් සිදු නොකළ ආකාරයට වත්මන් රජය පන්සල සහ ගම දියුණු කිරීමට මුදල් වෙන් කරමින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කැකිරාව, මහඇලගමුව ශ්‍රී දේවතිස්ස රජමහා විහාරස්ථානයේ අද පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත. ශ්‍රී දේවතිස්ස රජමහා විහාරස්ථානයේ දෙමහල් ධර්මශාලාවට මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බෝධීන් වහනසේගේ රන්වැට ද නිරාවරණය කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවිය. විහාරාධිපති පූජ්‍ය සේනාදිරියාගම විමලජෝති නාහිමියන් සහ ජනතා නියෝජිතයන් ඇතළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටයහ.

    Last modified on සදුදා, 18 මාර්තු 2019 20:08

    Latest News