නිකොලස් සාකෝසිට තෙවසරක සිර දඩුවමක්

මාර් 02, 2021

    ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් ‍සාකෝසි හට තෙවසරක සිර දඩුවම් නියම කර තිබේ. ඒ දූෂණ චෝදනා හේතුවෙන්.

    ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව නම් 2014 වසරේ දී විනිසුරුවරයෙක්ට අල්ලස් දීමට තැත් කිරීමයි. 66 හැවිරිදි සාකෝසි හට ලබා දුන් තෙවසරක සිර දඩුවම පසුව වසරකට අත්හිටුවා තිබේ.

    කෙසේ වෙතත්, ඔහුගේ නීතීඥවරුන් පවසන්නේ, එම තීරණයට එරෙහිව අභියාචනා කරන බවයි. නිකොලස් සාකෝසි 2007 වසරේ සිට 2011 දක්වා ප්‍රංශයේ ජනාධිපති ධුරය දැරීය. 2017 වසරේ දී ඔහු නැවතත් දේශපාලනයට පිවිසීමට උත්සහ කළත් එය අසාර්ථක විය.

    Last modified on අඟහරුවාදා, 02 මාර්තු 2021 10:58

    Latest News