බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන් ගෙන්වීම තවදුරටත් තහනම්

අගෝ 14, 2021

    බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අමුත්තන් ගෙන්වාගැනීම තවදුරටත් තාවකාලිකව තහනම් කර තිබේ.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ, කොවිඩ්-19 වසංග තත්වය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

    නීතීඥවරුන් සඳහාද නඩු කටයුතු වෙනුවෙන් රැඳවියන් හමුවීමට අවස්ථාව ලබා නොදෙන අතර අවශ්‍ය නඩු කටයුතුවල ලියකියවිලි පමණක් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ලබාදීමට හා ලබාගැනීමට පමණක් අවස්ථාව සැලසෙයි.

    Latest News