තෙල් සංස්ථා සේවකයින්ට ඇමති කංචනගෙන් අනතුරු ඇඟවීමක්

ඔක් 18, 2022

    ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති පසුබිමක යම් කිසි සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් එම රෙගුලාසි කඩ කරන්නේ නම් ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, ඉකුත් මාස 6 තුළ ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති බවයි.

    Latest News