ගල් අඟුරු ප්‍රසම්පාදනයට දිගු කාලීන ටෙන්ඩරය ලබන සතිෙය් ප්‍රකාශයට

සැප් 29, 2022

    ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා වන දිගු කාලීන ටෙන්ඩරය ලබන සතිය වන විට ප්‍රසිද්ධියට පත් කරන බව, ඛනිජ තෙල් හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.  ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයක මේ බව සඳහන්.

    ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රමයට අනුව, ස්ථානීය ටෙන්ඩරයක් ප්‍රචාරණය කර ඇති අතර, ලියාපදිංචි සැපයුම්කරුවන් මෙගාවොට් 900 කින් යුත් "ලක්විජය" බලාගාරයට ගල් අඟුරු සැපයීමට හැකියාව පවතින ඕනෑම සපයුම්කරුවෙකු සඳහා අවම දින 180 ක ණය පහසුකමක් සහිතව විවෘත කර ඇති බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයෙන් කියා සිටිනවා.

     එම ටෙන්ඩරයට අනුව, ප්‍රසම්පාදන ක්‍රමය ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ලංසුවක් වන අතර, එහි කොන්ත්‍රාත් කාලය ලබන  ඔක්තෝබර්  මස සිට නොවැම්බර් මස දක්වා පවතිනවා.

    විදේශ වෙළෙඳ ගිවිසුම් මිල අවම වශයෙන් දින 180 ක ණය කාල සීමාවක් සහිතව ඩොලර් සහ රුපියල් මුදල් ඒකකවලින් උපුටා දැක්විය යුතුයි. 

    ලංසු ආරක්ෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් නව ලක්ෂයක් හෝ රුපියල් මිලියන 330 ක් වන අතර, එය ටෙන්ඩර් අවසන් වූ දින සිට සති 4 ක් දක්වා වලංගු වනවා.

    ලංසුව ඉදිරිපත් කිරීමට ඔක්තෝබර් 20 උදේ 10. 00 දක්වා කාලය පවතිනවා. මුද්‍රාතැබූ ලංසු ලේඛන එදින උදේ 10.00 ට පෙර ටෙන්ඩරයේ සඳහන් ලිපිනය වෙත බාර දිය යුතුයි.

    Latest News