කාසල්රි සහ මාවුස්කැලේ ජලාශ පිටාර මට්ටමට

ඔක් 18, 2022

    මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇඳහැලෙන අධික වර් ෂාව හේතුවෙන් කාසල්රි සහ මාවුස්කැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්න වී තිබේ.

    කාසල්රී ජලාශය පිටාර මට්ටමට අගල් 4 ක් ආසන්නයේ පවතින අතර, මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අගල් 8 ක් ආසන්නයේ පවතියි.

    ජලාශ බාර ඉංජිනේරුවන් පවසන්නේ කැනියොන්, ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජලවිදුලිබලාගාරවල විදුලි උත්පාදනය  උපරිම ධාරිතාවෙන් සිදු කෙරෙන බවයි.

    හැටන් - නුවරඑළිය, හැටන් - කොළඹ යන ප්‍රධාන මාර්ගවල සහ නුවරඑළිය, අඹගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අතුරු මාර්ග රැසක අද අලුයම සිට ඝණ මීඳුම් තත්වයක් පවතින බව, අප වාර්තාකරුවන් පවසයි.

    රිය ධාවනයේ දී ඒ පිළිබඳව වඩාත් සැලකිළිමත්  වන ලෙසයි, නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ, රංජිත් අලහකෝන් මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News