'ඉන්ධන මිල සහනයක් ළඟ ළඟම'

මාර් 21, 2023

    ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

    අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු කරන බවයි.

    අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, අප්‍රේල් මාසයේදී එම මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බවත් බොරතෙල් මිල අඩුවීම හා රුපියල ශක්තිමත්වීම මත ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි.

    Latest News