IMF වෙතින් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා

ඔක් 18, 2022

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිරිස්ටලිනා ජෝර්ජීවා (Kristalina Georgieva)මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුව IMF/WB වාර්ෂික රැස්වීම් 2022 නිමා විය.

    ආර්ථික ස්ථාවරත්වය යථාතත්ත්වයට පත් කිරීම සඳහා රජය විසින් ගෙන ඇති දුෂ්කර නමුත් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා රජයට ප්‍රශංසා කළ අතර හැකි ඉක්මනින් රට ස්ථාවර සහ තිරසාර වර්ධන මාවතක තැබීමට ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට IMF හි කැපවීම සහතික කළේය.

    Latest News