පිරවුම්හල් හිමියන්ට ඇමතිගෙන් දැඩි තීරණයක්

ජූලි 30, 2023

    නිසි පරිදි ඉන්ධ තොග පවත්වාගෙන යාමට අපොහොසත් ඉන්ධන පිරවුම්හල් සඳහා නීතිමය පියවර ගන්නා බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ඇණවුම් නොකිරීම පිළිබඳ ට්විට්ර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    ඉන්ධන මිල සංශෝධනයක් බලාපොරොත්තුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 101 ක පෙට්රවල් 92 සහ පිරවුම්හල් 61ක
    ඔටෝ ඩීසල් අවම තොග පවත්වාගෙන යාමට ඊයේ වන විට අපොහෝසත්වී තිබෙනවා. එමෙන්ම අවශ්‍ය ඉන්ධන තොගද ඇණවුම් කර නැහැ.

    නිසි පරිදි ඉන්ධන තොග පවත්වාගෙන යාමට අපොහෝසත් වු ඉන්ධන පිරවුම්හල් කිහිපයක පාලනය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව යටතට ගැනීමට පසුගිය මස කයටුතු කෙරුණා.

    එමෙන්ම තවත් පිරිවුම් හල් කිහිපයකට නීතිමය පියවර ගෙන තිබෙනවා. මේ නිසා අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර පවත්වාගෙන යන ලෙසයි, ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

    අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන තොග රට තුළ පවතින බව ද අමත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

    Latest News