ලබන සඳුදා පාසල් වෑන් රථ සේවා අඩාල වියහැකියි - සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය (වීඩියෝ)

අගෝ 27, 2022
  • පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා ලංගම ඩිපෝ වලින් ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් ලබන සඳුදා පාසල් වෑන් රථ සේවා අඩාල වීමට හැකියාව ඇතැයි, සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

    ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල් වසා දමා ඇති අතර අනෙකුත් පිරවුම්හල් ආශ්‍රිතව රථ වාහන පෝළිම් දක්නට ලැබෙන බවයි, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන්නේ.

    Last modified on සෙනසුරාදා, 27 අගෝස්තු 2022 12:00

    Latest News