ඉදිරි සතියේ ඉන්ධන නෞකා 8 ක් දිවයිනට...

ජූලි 15, 2022

    මෙට්‍රික් ‍ටොන් 40,000ත්, 30,000ත් අතර ඩීසල් තොගයක් රැගත් නෞකා තුනක්, ලබන 17 සහ 23 යන කාලසීමාවේ මෙරටට පැමිණෙන බව, ලංකා ඛනි‍ජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

    පෙට්‍රල් රැගත් නෞකා 2 ක් ද පැමිණීමට නියමිතයි. ඒ සඳහා දැනටමත් සියලු මුදල් ගෙවා අවසන්. "ලංකා අයි ඕ සී" සමාගමට ද ඉන්ධන රැගත් තවත් නෞකා 03 එම දිනයන්හි මෙරටට පැමිණීමට නියමිත බව, එම සමාගම සඳහන් කළා.

    එම ඉන්ධන තොග බෙදාහැරීම් කටයුතුවලින් අනතුරුව ඉන්ධනහල් අසල දැනට පවතින තත්ත්වය යළි සාමාන්‍ය අතට පත්වනු ඇති බව, එම ආයතන පවසනවා.

    මේ වන විටත් දෛනිකව ටැංකි රථ සියයක් පමණ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවල යොදවා තිබෙනවා. ඉදිරියේදී ඉන්ධන තොග ලැබීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා එක්ව පැය 24 පුරා ඉන්ධන බෙදාහැරීමට අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළා.

    Last modified on සිකුරාදා, 15 ජූලි 2022 18:51

    Latest News