ලබන දෙසැම්බර් දක්වා ඉන්ධන, ගල් අඟුරු, ඖෂධ හා පොහොර සඳහා මුදල් ගැටළුවක් නැහැ - ඇමති මනූෂ කියයි (වීඩියෝ)

අගෝ 02, 2022
  • දෙසැම්බර් මාසය දක්වා මෙරටට අවශ්‍ය ඉන්ධන, ගල්අඟුරු මෙන්ම ඖෂධ හා පොහොර යනාදිය ගෙන්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට මහ බැංකුවට හැකියාවක් පවතින බව, මහ බැංකු අධිපතිවරයා සඳහන් කළ බව, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (02) කැබ්නට් මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා. 

    මේ අතර, දිවයිනේ පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කෙරෙන්නේ ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදයට අනුවයි. එය ඊයේ (01) ආරම්භ කෙරුණා. මේ අනුව ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ 600,000කට ආසන්න වාහන සංඛ්‍යාවක් සඳහා ඉන්ධන නිකුත් කර ඇතැයි ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ නි‍යෝජිතායතනය පවසනවා.

    Last modified on අඟහරුවාදා, 02 අගෝස්තු 2022 19:42

    Latest News