ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැනට නිර්මාණය වී ඇති දිගු වාහන පෝලිම් අවසන් කිරීමට පියවර ගෙන ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා ලංගම ඩිපෝ වලින් ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් ලබන සඳුදා පාසල් වෑන් රථ සේවා අඩාල වීමට හැකියාව ඇතැයි, සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

දෙසැම්බර් මාසය දක්වා මෙරටට අවශ්‍ය ඉන්ධන, ගල්අඟුරු මෙන්ම ඖෂධ හා පොහොර යනාදිය ගෙන්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට මහ බැංකුවට හැකියාවක් පවතින බව, මහ බැංකු අධිපතිවරයා සඳහන් කළ බව, අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (02) කැබ්නට් මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා. 

මෙට්‍රික් ‍ටොන් 40,000ත්, 30,000ත් අතර ඩීසල් තොගයක් රැගත් නෞකා තුනක්, ලබන 17 සහ 23 යන කාලසීමාවේ මෙරටට පැමිණෙන බව, ලංකා ඛනි‍ජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

දින කිහිපයකට පසු, ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම යළි ක්‍රියාත්මකයි.

ඉන්ධන පිරවුම්හල් හැර වෙනත් පාර්ශ්වයකින් ඉන්ධන මිලදී ගැනීමෙන් වළකින්න යැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙනවා.

පෙට්‍රල් තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් අද (05) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

සඟවා තිබූ ඉන්ධන බවුසර් 04ක් සොයාගැනීමට පමුණුගම, පොලීසිය සමත්වී තිබෙනවා.

රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු ලබන සෙනසුරාදා වනවිට සමනය වී සඳුදා සිට යථා තත්වයට පත්වනු ඇතැයි, බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

Latest News