දකුණු ආසියාවේ වැඩියෙන්ම මන්දපෝෂණය ඇති දෙවන රට ලෙස ශ්‍රී ලංකාව පත්වෙමින් සිටී - යුනිසෙෆ්

අගෝ 27, 2022

    ශ්‍රී ලංකාවේ ළමුන් මුහුණ දෙන අතිශය දරුණු අර්බුදකාරි තත්වය දකුණු ආසියාවටම කෙරෙන අනතුරු ඇඟවීමක් බව ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින්, යුනිසෙෆ් සංවිධානය සඳහන් කර තිබුණා.

    ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමේන් අනතුරුව එක්සත් ජාතින්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ‍ජෝර්ජ් ලාර්යෙයා ආඩ්ජේ මහතා මේ පිළිබඳව නිරීක්ෂණය කොට තිබෙනවා. මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතින්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ක්‍රිෂ්ටියන් ස්කූග් මහතාද සහභාගී වුණා. මෙහිදි මාධ්‍ය වෙත අදහදස් පළ කළ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂක ‍ජෝර්ජ් ලාර්යෙයා ආඩ්ජේ මහතා කියා සිටින්නේ, ආර්ථිකය අර්බුදය මගින් ශ්‍රී ලංකාව අඛණ්ඩව දුෂ්කරතාවයට පත්වීම හේතුකොට ගෙන අතිශය දරිද්‍රතාවයෙන් පෙළෙන වඩාත් අවධානමට ලක් විය හැකි පිරිමි සහ ගැහැණු ළමයි දරුණුතම බලපෑමකට ලක්වී සිටින බවයි.

    මෙයට පෙර සිඝ්‍ර ආර්ථික වර්ධනයක් සහ දිනෙන් දින දියුණු වන සංචාරක කර්මාන්තයක් හිමි රටක් ලෙස හදුනාගෙන තිබු ශ්‍රී ලංකාව 1948 වසරින් පසුව වඩාත් දරුණුතම ආර්ථික අර්බුදයකට වර්තමානයේ මුහුණ දෙමින් සිටින බව ඔහු එහිදි අවධාරණය කළා. දකුණු ආසියාවේ වැඩියෙන්ම මන්දපෝෂණය ඇති දෙවන රට ලෙස ශ්‍රී ලංකාව පත්වෙමින් සිටින බව එම මහතා කියා සිටියා. ළමුන් මිලියන 4.8කගේ අධ්‍යාපනයට කොවිඩ් සහ ආර්ථික ප්‍රශ්න නිසා වසර දෙකක් පුරා බාධා එල්ල වූ අතර අඛණ්ඩව පාසැල් පැමිණිමට නොහැකි වූ නිසා වඩාත් අවධානමකට ලක් වී තිබෙනවා.

    මෙවැනි කරුණු මත ළමුන් අ‍පයෝජනයට පත් වීම, සුරා කෑමට ලක්වීම සහ ළමුන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් වැඩිවෙමන් පවතින බව හෙතෙම අවධාරණ කර සිටියා. ශ්‍රී ලංකාව තුළ වසර 50කට අධික කාලයක් ක්‍රියාත්මක වන එක්සත් ජාතින්ගේ ළමා අරමුදල පොත් පත්, ලිපිද්‍රව්‍ය, පෙර පාසල් ළමුන්ට ආහාර, ගැබිනි මාතාවන්ට සහ මව්කිරි දෙන මව්වරුන්ට  මුල්‍ය ආධාර ලබා දීම සිදු කෙරෙන බව ‍ජෝර්ජ් ලාර්යෙයා ආඩ්ජේ මහතා පවසනවා.

    ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ මෙම අර්බුදය විසදා ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සහයේදී ප්‍රධාන ස්ථානයක් ළමුන්ට දිය යුතු බවත්, මන්දපෝෂයෙන් පෙළෙන ළමුන් සහ කාන්තාවන් ආරක්ෂා කිරීමට ප්‍රජා සෞඛ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු බවයි. මෙම තත්වය දකුණු ආසියානු සෙසු රටවල්වලට ද කෙරෙන අනතුරු ඇඟවීමක් බැවින් ළමුන් විසින් ඇති නොකළ ආර්ථික අර්බුදයකින් ළමුන්ට පීඩා විඳිමට පුරවැසියන් ලෙස ඉ‍ඩ දිය නොහැකි බව ඔහු එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර තිබුණා.

    Latest News