දේශපාලන ස්ථාවරයක් තුළින් ආර්ථික අර්බුදයෙන් ගැලවීමට හැකි යි - ජනාධිපති

අගෝ 01, 2022

    රට තුළ දේශපාලන ස්ථාවරයක් ඇති කර ගැනීම තුළින් වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීමට හැකි බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් මාධ්‍ය ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එතුමා මේ බව සඳහන් කළා.

    ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේ මස අගභාගය වන විට සාර්ථක කර ගැනීමට හැකි වනු ඇති බවයි. ඉන් අනතුරුව, අනෙකුත් පාර්ශ්වකරුවන් සමග එකඟතාවයන්ට පැමිණීමට හැකි වනු ඇති බවයි, ජනාධිපතිවරයා විශ්වාසය පළ කරන්නේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මේ වන විට ශ්‍රී ලංකාව ඉතා අසීරු තත්වයකට පත්ව ඇති අතර, එම අර්බුදයෙන් ගැලවීමට තමාට රට මෙහෙයවිය හැකි බවයි.

    Latest News