පොහොට්ටුවේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට....

ජූලි 15, 2022

    පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

    එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට තීරණය කර තිබුණා. එහෙත්, මේ මොහොත වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු ජනාධිපති තරගයට ඉදිරිපත් වන බව, නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. එමගින් පක්ෂයේ මූලික ප්‍රතිපත්තිමය අදහසට ඇති වූ බලපෑම ද සැලකිල්ලට ගනිමින්, පක්ෂය, රනිල් වික්‍රමසිංහ මහතාට පූර්ණ සහය ලබාදීමට තීරණය කළ බව, පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News