අද සිට නගරාසන්න පාසල් නොපැවැත්වේ

ජූනි 27, 2022

    අද (27) සිට ලබන 03 වැනිදා දක්වා පාසල් පැවැත්විය යුතු ආකාරය සංශෝධනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

    බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් අද (ජුනි 27) සිට ලබන 01 වැනිදා (ජුලි 01) දක්වා සතිය තුළ පාසල් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

    එමෙන්ම අද සිට ජූලි 01 වැනිදා දක්වා වන සතිය තුළ, පසු ගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ ආකාරයටම සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවයක් නොපවතින්නේ නම්, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හි පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දෙනු ඇති.

    එමෙන්ම ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම දිනයන්හී පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා පෞද්ගලික නිවාඩු ලෙස සටහන් නොකරන ලෙස ද මේ වන විටත් දැනුම් දී තිබේ.

    එහෙත් එම සතිය තුළ පාසල් පවත්වාගෙන යාම පිළිබඳ යම් ගැටලුකාරි තත්ත්වයක් පවතින්නේ නම් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් පළාතේ ආණ්ඩුකාරවරුන් දැනුවත් කර එම තීරණයට අනුව කටයුතු කරන ලෙස දැනුම් දෙනු දෙයි.

    අදින් ආරම්භ වන සතිය තුළ අ.පො.ස උසස් පෙළ සඳහා වාර පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර ඇත්නම් එම වාර පරීක්ෂණ සති දෙකකින් පසු පැවැත්වීමට කටයුතු කරන ලෙස ද දන්වනු ලැබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර (25) නිවේදනය කරනු ලැබුවේ, පසුගිය සතියේ වසා දමා තිබූ නගර ආශ්‍රිත පාසල් දින 03ක් පවත්වන ලෙසයි.

    නමුත් පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් එම තීරණය වෙනස් කර බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    Latest News