11 වැනිදා පාසල් ඇරඹී‍මට, පෙර සුදානම අද සිට

ජන 06, 2021

    නව වාරය සඳහා පාසැල් විවෘත කිරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ යටතේ අද සිට දින 05ක් මෙම සෞඛ්‍ය ක‍්‍රමවේද පිළිබඳ දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද දැනුවත් කරනු ලැබේ.

    ජනවාරි මස 11 වැනි දින සිට ආරම්භ කිරීමට තීරණය වී ඇති පාසල්වල 6,7,8,9 10 දිනයන්හි දී පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සහ දෙමව්පියන්ගේ ද සහාය ලබාගනිමින් විදුහල්පතිවරුන් විසින් කටයුතු කරන ආකාරයද පළාත්, කලාප සහ කොට්ඨාස මට්ටමින් අධීක්ෂණය කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.

    පාසල් ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් සංග්‍රහය මේ සමඟ යොමු කර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gove.lk වෙත පිවිසීමෙන් ද මෙම උපදෙස් බාගත කර ගැනීමට අවස්ථාව සලසා තිබේ.

    බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ.

    හුදකලා කරන ලද ප්‍රදේශවල පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ජනවාරි මස 25 වැනි දින සිට විවෘත කිරීමට පියවර ගැනේ.

    Latest News