අද (27) සිට ලබන 03 වැනිදා දක්වා පාසල් පැවැත්විය යුතු ආකාරය සංශෝධනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එළඹෙන බදාදා ලංකාවේ ප්‍රධාන වෛද්‍යවරුන්, අධ්‍යාපන විශේෂඥයන් ඇතුළු පිරිසක් හමුවීමට බලාපොරොත්තු වන බවත් පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධ ව අදාළ උපදෙස් ලබා ගැනීමට බලපොරොත්තු වන අතර ඒ අනුව පාසල් විවෘත කිරිම සම්බන්ධව තීරණයක් ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පැවසී ය.

නව වාරය සඳහා පාසැල් විවෘත කිරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ යටතේ අද සිට දින 05ක් මෙම සෞඛ්‍ය ක‍්‍රමවේද පිළිබඳ දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද දැනුවත් කරනු ලැබේ.

බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ.

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂයේ අවසාන නිවාඩුව ආරම්භ වන දෙසැම්බර් මස 23 වැනි දින දක්වා වසා තැබිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

මහනුවර නගර සීමාවේ වසා ඇති පාසල් 45න් 42ක් සඳුදා සිට විවෘත කෙරෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

Latest News