ගාල්ල පාසල් 23 දක්වා වැසේ

දෙසැ 18, 2020

    ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂයේ අවසාන නිවාඩුව ආරම්භ වන දෙසැම්බර් මස 23 වැනි දින දක්වා වසා තැබිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

    අද පස්වරුවේ ලබුදුව, දක්ෂිණ පායේ පැවති ගාල්ල දිස්ත්‍රික් කොඩිව් කමිටු රැස්විමේ දි මෙම තින්දුව ගත් බවයි, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ.

    ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසල් 26ක් අද දින දක්වා වසා තැබිමට මිට පෙර තිරණය කොට තිබිණ.

    ඒ අනුව ලබන සදුදා, අගහරුවාදා සහ බදාදා දින ද ගාල්ල කොට්ඨාශයේ පාසල් වසා තැ‍බේ.

    නව පාසල් වාරය ජනවාරි 04 වැනි දින ආරම්භ විමට නියමිතයි.

    Latest News