කැලණියේ වෙඩි තැබීමක්

ජූනි 27, 2022

    කැළණිය දුම්රියපොළ පාර, පට්ටිය හංදියේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    මෙලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි සඳහන් වන්නේ.

    අදාළ පුද්ගලයා බිරිඳ සහ දෙහැවිරිදි තම පිරිමි දරුවා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගයෙකු දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇත. පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News