රැකියා සඳහා විදෙස්ගත වන කතුන්ගේ වයස් සීමාව සංශෝධනයට

ජූනි 21, 2022

    ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමු වන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින්.

    මේ සම්බන්ධව, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ තීරණය අනුවයි, යෝජනාව ඉදිරිපත් කෙරුණේ.

    Last modified on අඟහරුවාදා, 21 ජූනි 2022 11:34

    Latest News