22ට කැබිනට් අනුමැතිය

ජූනි 21, 2022

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කෙරුණු මූලික කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිවී තිබේ. එය අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ යෝජනාවක්.

    වර්තමානයේ රට මුහුණපා ඇති අර්බුදකාරී තත්වය සැළකිල්ලට ගෙන විධායක ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර යම් බල තුලනයක් ඇති කිරීමට හැකි වන පරිදියි මෙය ඉදිරිපත් කෙරෙන්නේ.

    එමෙන්ම, පාර්ලිමේන්තුවට සහ ජනතාවට සාමූහිකව වගකියනු ලබන අමාත්‍ය මණ්ඩලයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යම් බලතල ප්‍රමාණයක් පැවරෙන අයුරින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු කෙරේ.

    Latest News